කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති පස් හැවිරිදිසිය දරුවා බේරාගැනීමට වවුනියාව නගරයේ ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයෙකු රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ගෙවා තිබෙන බව පොලීසිය පවසයි.
අදාළ කප්පම් මුදල ලබාගත් පසු කල්ලියපළාගිය බවට වවුනියාව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද ව්‍යාපාරිකයා කටයුතු කොට තිබේ.
පැහැරගත් දරුවා පාසල් කටයුතු නිමා වී පසුගිය 09 වැනිදා නිවසට පැමිණෙමින් සිටියදී කිසියම් සංවිධානාත්මක කල්ලියක් විසින් පැහැරගෙන ගොස් ඇති බවට දරුවාගේ පියා වවුනියාව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.
දරුවා පැහැරගෙන යාමෙන් පසු අදාළ කල්ලිය පළමුව රුපියල් ලක්ෂ 30 ක මුදලක් ඉල්ලා ඇති අතර, එම මුදල තමන් ළඟනැතැයි ව්‍යාපාරිකයා පවසා තිබේ. අවසානයේ ලක්ෂ 10 ක ගනුදෙනුවකට එකඟ වීමෙන් පසුව දරුවා තම නිවස ආසන්නයට ගෙනවිත් දමා කප්පම්කරුවන් පළාගිය බවද ව්‍යාපාරිකයා පොලීසියට දන්වා ඇත.
කප්පම් මුදල වවුනියාව පූවර්සන්කුලම් ප්‍රදේශයේ කසළ බැහැර කරන ස්ථානයකට ගෙනගොස් තබා කප්පම්කරුවන් මුදල් ලබාගැනීමෙන් අනතුරුව දරුවා ලබා දී ඇත.
සියලු සිදුවීම් අවසන් වූ පසු ඒ පිළිබඳ පොලීසියට දැනුම්දීම පිළිබඳව වවුනියාව පොලීසිය දැඩි අප්‍රසාදය හා අසතුට ප්‍රකාශ කොට ඇති අතර, මෙම සිදුවීම සිදු වූ අවස්ථාවේම හෝ කප්පම් මුදල් ලබාදෙන අවස්ථාවේ හෝ පොලීසියට දැනුම්දුන්නේ නම මේ වනවිට සියලුම වැරදිකරුවන් අත්අඩංගුවට ගන්නට හැකිවෙතැයිද වවුනියාව පොලීසිය කියා සිටියි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක්ම පරික්ෂණ ආරම්භ කොට ඇත.