දණ්ඩ නීති සංග්‍රහයට සහ අපරාධ නඩු විධාන සංග්‍රහයට සංශෝධන සිදුකරමින් ගෙන ඒමට නියමිතව තිබූ පනත් කෙටුම්පත ජනවාරි 08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (17) පාර්ලිමේන්තුවේදි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේබව පැවසු අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග මේපිළිබදව සාකච්ඡාකළ බවත් අමාත්‍යවරයා කීය.