දකුණු සහ බස්නාහිර පළාත් අවට මුහුදේ මේ දිනවල බහුලව දක්නට ලැබෙන විෂ සහිත නිල් පැහැති සතුන් ජෙලිෆිෂ් හේවත් ලොඩියන් නොව සතුන් රැසක් එක්වී සිටින සත්ත්ව ජනාවාස රැසක් බව පරිසරවේදීහු කියති.
ඔවුන මාරාන්තික විෂ සහිත මොවුන් ස්පර්ශ වීමෙන් ලෝකය පුරා මරණ වාර්තා වී ඇතත් පසුගිය වසර 35ක කාලයේ දී මෙරටින් එවැනි කිසිදු මරණයක් වාර්තා වී නැත. මේ සතුන් ස්පර්ශවීමෙන් පසු කැසිල්ලක්, ඇඟපත වේදනාව, ඉදිමුම හා හෘදයේ දුර්වලතා ඇතිවිය හැකියැයි වෛද්‍යවරු කියති.
1982 වර්ෂයේ සිට වසර 33 ක කාලයක් මෙම සත්ත්ව ඝනාවාස පිළිබඳ පරීක්ෂණ පවත්වන පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පවසන්නේ ෆිසේලියා නමැති සත්ත්ව ඝනයට අයත් මේ සතුන් විශේෂ රැසක් මුහුදේ දක්නට ඇති බවයි.
මොවුන් එක් ඒකකයක් ලෙස සැළකූ විට එසේ පෙනුන ද ඒ එක් සතකු නොව සතුන් සමූහයක් එක්ව ගොඩනගාගත් සත්ත්ව ඝනාවාසයකි. ඉංග්‍රීසි බසින් “පෘතුගීස් මෑන් ඕ වෝ“ ලෙස මේ සත්ත්ව ඝනාවාසය හඳුන්වයි.
‘‘ෆ්ලෝටින් ටෙරර්“ හෙවත් ‘‘පාවෙන භීතිකාව“ නැතිනම් ‘‘බ්ලූබොට්ල්‘‘ හෙවත් ‘‘නිල් බෝතලය“ ලෙස ද ඇතැම් විට මේ සතුන් හඳුන්වයි.