දකුණු සුඩානයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ගුවන්ගත වන අවස්ථාවේදී කඩා වැටීම නිසා පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
එරට අගනුවර වන ජුබා හි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගමන් ආරම්භ කිරීමත් සමග යානය අනතුරට පත්ව කඩා වැටී තිබේ.
එරට ඇතැම් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම අනතුරින් සිදුව ඇති ජීවිත හානි ප්‍රමාණය 40කට වැඩිවිය හැකිය.
යානය අනතුරට පත්වන අවස්ථාවේදී යානයේ කොතරම් පිරිසක් සිටියේද හා යානය කඩා වැටුණු ගොඩබිම් ප්‍රදේශයේ කොතරම් පිරිසක් සිටියේද යන්න තවමත් පැහැදිලි නැත.
ඇන්ටනොව් වර්ගයේ මෙම යානය ගුවන් පථයෙන් මීටර් 800ක් ඔබ්බට කඩා වැටී තිබේ.
මෙම අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු බේරී ඇති බව විශ්වාස කරන අතර, ඉන් එක් අයෙකු යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු හා කුඩා දරුවෙකු බව රජයේ ආරංචි මාර්ප පවසයි.