දකුණු පළාත් අතුරු වෛද්‍ය වෘත්තීය සේවාවන් හෙට වර්ජනයේ
අතුරු වෛද්‍ය හා පරිපූරක වෛද්‍ය සේවාවල නිරත පිරිස්වලට ඇතිවී තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා හෙට (22දා) උදේ 8.00 සිට පැය 48 ක කාලයක් දකුණු පළාත් රෝහල්වල සේවයෙන් ඉවත්ව සිටින බව පරිපූරක හා අතුරු වෛද්‍ය වෘත්තීය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව හෙට උදේ 8.00 සිට ඖෂධවේදීන්, වෛද්‍ය රසායානාගාර කාර්මික විද්‍යා නිලධාරීන්, විකිරණ විද්‍යා තාක්ෂණ නිලධාරීන්, වෘත්තීය චිකිත්සක නිලධාරීන් සහ අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, විද්‍යුත් ඛන්තුක රේඛන නිලධාරීන්, කීට විද්‍යාඥයන්, මහජන රසායානාගර ශිල්පීන්, අක්ෂි තාක්ෂණවේදීන්, ඖෂධ සංයෝජකයන් සේවයෙන් ඉවත්ව සිටින බව එම පෙරමුණේ සම කැඳවුම්කරු අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය.
වාර්ෂික ස්ථාන මාරු ගැටලු උසස් වීම ගැටලු වැඩි කළ අතිකාල රේට ක්‍රමයට නොගෙවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය සිදුකරන බවද පවසා සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
