ශ්රී ලංකාවේ තෙළිඟු ජාතිකයන්ගේ නායකයා වන කේ.ආර්.ඒ. නඩරාජා මහතා අද (26දා) අලුයම තඹුත්තේගම තුඩාගම පිහිටි සිය නිවසේදී ජීවිතක්ෂයට පත්ව ඇත.
හකු ප්රදේශයේ තිබූ මුඛ පිළිකාවක් හේතුවෙන් මීට මාසයකට පමණ ඉහත සිට පීඩා විඳිමින් සිට අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් ප්රතිකාර ලබා නිවසේ සිටියදී ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
දරුවන් සිවුදෙනෙකුගේ පියෙකු වූ නඩරාජා මහතා මිය යනවිට 57 වැනි වියේ පසු වූ අතර, ඒ මහතාගේ දේහය කුඩාගම පිහිටි නිවසේ තැන්පත් කර ඇත. දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 29 වැනිදා කුඩාගම පොදු සුසාන භූමියේදී තෙළිඟු චාරිත්රානුකූලව සිදුකිරීමට නියමිතය.