තුර්කිය හා ශ්‍රි ලංකාව අතර මූල්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන් 350 (රුපියල් කෝටි 4999.75ක ණයක් ලබාදිමට තුර්කි රජය තීරණය කර තිබෙන බව විදේශ කටයුුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
තුර්කි එක්සිම් බැංකුව හරහා මෙම ණය මුදල ලබා දීමට නියමිත අතර ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාව හා තුර්කිය ඉදිරියේදී අත්සන් කරනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත තුර්කි විදේශ කටයුතු අමාත්‍ය මෙවුලට් කවුසොග්ලු මහතා හා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අතර පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී මෙම කරුණු අණාවරණය විය.