තමා දිව්‍ය ලෝකයේ යන බවත්, තමන්ට වින කරන අය අපායේ දඬුයම් විදිනු ඇති බවත් මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසයි.
අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය ගලගම අත්තදස්සී හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වීය.
“ මේ කලියුග කාලය, මේ කාලයේ නිරහංකාර, අල්පෙච්ච්ඡ ජිවිතයක් ගත කරන ජනාධිපතිවරයෙක් හම්බුණා. මේ ජනපතිතුමාගේ ප්රඥාවටම හරියන මහා ප්‍රඥාවන්ත අගමැතිවරයෙක් හම්බවුණා. මේ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක්, මර්වින් සිල්වා. මම රනිල් වික්‍රමසිංහ මහත්තයට විරුද්ධ විශ්වාසභංගයට අත්සන් කරලත් නෑ, අත්සන් කරන්නෙත් නෑ.
මට පේනවා අපේ දේශපාලඥයෝ කයිවාරු ගහනවා. මට කියයි යම රජ්ජුරුවෝ, ‘මර්වින් සිල්වා නේ. මෙහේ තියාගන්න බෑ. ඇයි හේතුව මම දන්නවා මෙහේ තියාගත්තොත් මේ පුටුවටත් (යම රජ්ජුරුවන්ගේ පුටුව) ඔයා ගහනව. කරුණාකරලා දැන්මම දිව්‍ය ලෝකයට යන මාර්ගයට යන්න’ කියලා කියනවා. ඒ තුංමන් හන්දියෙන් මම යනවා දිව්‍ය ලෝකයට. අර අපිට වින කරපු කරදර කරපු කට්ටිය මට පේනවා ඈතක ඉන්නවා කබලේ ලෝදිය නාගෙන. කටු ඉඹුලේ යනවා.” යැයි පැවැසීය.