යෝජිත හෝමාගම තාක්ෂණික නගරය හේතුවෙන් හෝමාගම කිසිදු පවුලකට බලපෑමක් සිදුනොවන බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මෙම තාක්ෂණික නගරය හේතුවෙන් පවුල් 7000කට බලපැම් සිදුවන බවට ඇතැමුන් ගෙනයන චෝදනා කිසිදු පදනමක් නොමැති බවත්, දේශපාලන අස්ථාවරත්වයට පත්වූවන් මෙම ප්‍රචාර සිදුකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
යෝජිත තාක්ෂණික නගර ඉදිකිරීමේදී යම් පුද්ගලයකුගේ ඉඩම් ලබාගැනීමට සිදුවන්නේනම් ඒ පිළිබඳ පෙර දැනුම්දීම් සිදුකර වන්දි ලබාදීමෙන් අනතුරුව ඉඩම් පවරාගන්නා බවත්, බංකොළොත් දේශපාලඥයන් සිදුකරන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම තමාද කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු බැවින් කොළඹ දිස්ත්‍රික් ජනතාවට අසාධාරණයක් වන කටයුතු සිදුනොකරන බවද පාඨලී චම්පික අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.