ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව සටන් බිමේදී මෙන්ම වෙනත් ඕනෑම අස්ථාවකදීද නිපුණත්වයක් දැක්වීමට සමත් බව නේපාලයේදී තහවුරු කළායැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ඩබ්.බී.ජේ.සී.ද සිල්වා මහතා පැවසීය.
පසුගියදා නේපාලයේ ඇති වූ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවගේ සහන කටයුතු සඳහා නේපාලයට පිටත්ව ගිය ත්‍රිවිධ හමුදාවේ 144ක පිරිසට සහ වෛද්‍යවරුන් තිදෙනාට උපහාර පිදීමේ උළෙලේදී හෙතෙම මේ බව පැවසීය. සහන කණ්ඩායම් ඊයේ (11දා) දිවයිනට පැමිණියේය.
සහන කණ්ඩායමේ ප්‍රධාන අණ දෙන නිලධාරියා ලෙස මේජර් ජනරල් එම්.ඒ. මෛත්‍රී ඩයස් මහතා කටයුතු කළේය.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු