ත්‍රිකුණාමල නගරයේ කුණු ඉතා අවිධිමත් අයුරින් කන්නියා උණුවතුර ළිං ආශ්රිත ප්‍ර‘දේශයට බැහැර කිරීම නිසා සංචාරක කර්මාන්තයටත්, ප්‍ර‘දේශවාසීන්ටත්, වන සතුන්ටත් දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව ප්‍ර‘දේශවාසීහු පවසති.කුණු කන්ද නිසා ප්‍ර‘දේශය පුරා දැඩි දුර්ගන්ධයක් පවතින අතර, වෙල්ගම් විහාරය, කන්නියා, පීලිඅඩි, මාන්ගඋක්කු, නිරිකුන්ජිමලේ ආදී ප්‍ර‘දේශවල පදිංචි දමිළ, සිංහල වැසියන් දද, කුෂ්ඨ ආදී රෝගවලින් පීඩා විඳින බවද පැවසේ.
කින්නියා කුණු කන්ද
සවස 2.00 පමණ වනවිට මෙම කන්ද අසලට වන අලි පැමිණෙන බව කියයි. මෙකී ප්‍ර‘දේශය ආශ්‍රිතව වන අලින් පස්දෙනෙකු මියගොස් ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔවුන්ගේ උදරයේ තිබී ඉටිකොළ හා වීදුරු කටු හමුවූ බව ත්‍රිකුණාමලය වනජීවී කාර්යාලය පවසයි. කුණු කන්ද හේතුවෙන් කන්නියා උණුවතුර ළිං ආශ්රිත වෙළෙඳ සැල් හිමියන් පත්ව ඇත්තේද දැඩි අසරණ තත්ත්වයකටය.
කින්නියා උණුවතුර ළිං ආශිත වෙළදසැල් හා සංචාරකයින්
එල්.එච්. නන්දාවතී (65) - අපි අවුරුදු 10-15 ක් මෙතැන වෙළෙඳාමක් කරලයි ජීවත් වුණේ. ප්‍ර‘දේශය පුරාම මැස්සො නිසා මිනිස්සු අපෙන් බඩු ගන්නෙ නැහැ. කුණු කන්දට එහා අක්කර 25 ක පමණ කැලය තිබෙනවා. ඒත් මිනිසුන් ගැවසෙන පාර අද්දර තමයි කුණු දාලා යන්නේ.
යූ.ජී. හීන්බණ්ඩා මහතා - අපි මෙතැන 2002 ඉඳලා වෙළෙඳාම් කරන්නේ. එදා හොඳ ලාභයක් තිබුණා. දැන් දවසකට රුපියල් 100 ක් වත් හොයාගන්න බැහැ. මැස්සො නිසා කෑම ජාතියක්වත් තියාගන්න හරි අමාරුයි.
එම්.එම්. සුරංග මහතා - කුණු කන්දට මීටර් 200 ක් විතර දුරින් කන්නියා දෙමළ විද්‍යාලය හා වෙල්ගම්මුල ප්‍රාථමික විද්‍යාලය තියෙන්නේ. දරුවො ඉගෙන ගන්න පන්ති කාමරවල මැස්සො පිරිලා. කුණුගොඩට උඩින් පස් තට්ටුවක්වත් දාන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ. අලින්ට එන්න බැරි වෙන්න විදුලි වැටක් ගැහුවොත් සත්තු ටිකවත් බේරෙයි.
රුපියල් ලක්ෂ 75 ක් වැයකර ඉදිකර ඇති කසළ ප්‍රතිචක්‍රීකරණ ගොඩනැගිල්ල කිසිදු ප්‍ර‘යෝජනයකට ගෙන නොමැත. එම ස්ථානයේ ඇති ටැංකිවල මදුරුවන් බෝ වී ඇති අයුරුද දැකිය හැකිය. මෙකී කුණුගොඩ පිරිසුදු කරන ලෙස නගර සභාවටත්, ප්‍රා‘දේශීය සභාවටත් ජනතාව කොතරම් දැනුම් දී ඇතත් මෙතෙක් ඵලක් වී නොමැත.
කින්නියා දෙමළ විදුහල
රාජාංගණය - ආනන්ද ඒකනායක