ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයට නුදුරින් පාලයුත්තු ප්‍රදේශයේදී ඊයේ (20දා) රාත්‍රියේ කාන්තාවක් දුම්රියට ගැටී මියයෑමත් සමග දුම්රියට පහරදීමට විරෝධය පළකරමින් අද (21දා) පෙරවරුවේ සිට ත්‍රිකුණාමලය දුම්රිය රියදුරන් වැඩවර්ජනයක් දියත් කිරීම නිසා දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.
ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා යන මගින් රැගෙන ගල්ඔය මන්සංධියට අද (21දා) පෙරවරු 07.00ට ධාවනය වීමට තිබූ දුම්රිය මේ හේතුවෙන් අවලංගු කිරීමට දුම්රිය බලධාරීන්ට සිදුවිය. වැඩවර්ජනය දියත් කළ ලෝකෝ මෝටිව් ඔපරේටින් ඉංජිනියරින් දුම්රිය රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ, දුම්රිය එන්ජිමට හා දුම්රිය මැදිරිවලට හානිකළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා තෙක් මෙම වර්ජනය අඛණ්ඩව දියත්වන බවයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වුවහොත් දීපව්‍යාප්තව වැඩවර්ජනයක් දියත් කිරීමට විධායක සභාව සමග සාකච්ඡා කරන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
ත්‍රිකුණාමලය චමෝද්‍යා