පාකිස්තානයේ කරච්චි නුවර, ජින්නා ගුවන් තොටුපළට එල්ල කළ ත්රස්ත ප්රහාරයෙන් පසු වසා දමා තිබුණු ගුවන් තොටුපළේ ගුවන් මෙහෙයුම් අද දිනයේ යළි ආරම්භ කළ බව බලධාරීහු පවසති.
පාකිස්තානයේ විශාලතම ගුවන් තෙටුපළ ලෙස සැලකෙන ජින්නා ගුවන් තොටුපළ පසුගිය ඉරිදා රාත්රී තලේබාන් සටන්කාමීන් විසින් ප්රහාරය දියත් කළ අතර, ප්රහාරය හේතුවෙන් මියගිය පිරිස 30 දක්වා වැඩි වී තිබේ. මෙම මියගිය පිරිස අතර තලේබාන් සටන්කාමීන් 10 දෙනෙකුද සිටී.
ප්රහාරය සඳහා තොටුපළට ඇතුල් වූ බර අවි රැගත් සටන්කාමීන් අත්බෝම්බ එල්ල කරමින් ස්වයංක්රිය ගිනි අවි යොදා ගනිමින් ගුවන් තොටුපළට ප්රහාරය දියත් කර තිබුණි.
පැය කිහිපයක් සටන්කාමීන් සමග වෙඩි හුවමාරුවකින් පසු සඳුදා හවස් වනවිට ගුවන් තොටුපළ පාලනය සියතට ගැනීමට එරට ආරක්ෂක අංශ සමත් විය.
පසුගිය වසරේදී මරා දැමුණු පාකිස්තාන තලේබාන් නායකයාගේ වෙනුවෙන් පළි ගැනීමේ චේතනාවෙන් මෙම ප්රහාරය දියත් කළ බව තලේබාන් සංවිධානය කියා තිබුණි.
මේ වනවිට ප්රහාරය සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් සිදු කෙරෙන බව රජයේ ප්රකාශකයෙක් බී.බී.සී.ය වෙත පවසා තිබුණි.