පෙමින් බැඳී සිටි බව කියන තරුණයන් දෙදෙනෙකු අතර ඇති වූ සිත්තැවුලක් හේතුවෙන් එක් අයෙකු අනෙකාට උල් ආයුධයකින් පහර දී ඝාතනය කර, ඔහුද වස පානය කිරීමේ පුවතක් අද (11දා) හබරන ප්රදේශයෙන් වාර්තා විය.
මෙසේ මියගොස් ඇත්තේ හබරණ ප්රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකු වන අතර, වස පානය කළ තරුණයා දඹුල්ල ප්රදේශයේ පදිංචි අයෙකි. ඝාතනය සිදුකර වස පානය කළ තරුණයා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, ප්රතිකාර ගැනීමෙන් පසු ඔහු හබරණ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (10දා) පස්වරුවේ මෙම තරුණයන් දෙදෙනා මත්පැන් පානය කිරීම සඳහා හබරණ පහේකණුව ප්රදේශයේ ගල් තලාවක් මතට ගොස් ඇති බවත්, අද අලුයම වස පානය කළ තරුණයා සිය නිවසට ඇමතුමක් ලබාදී තමන් සිය මිතුරාට පිහියකින් ඇන මරා දැමූ බව පැවසූ බවත් වාර්තා වේ.
ඒ අනුව හබරණ පොලීසියට කළ දැනුම් දීමකට අනුව වස පානය කළ රෝහල්ගත කිරීමට පොලීසිය කටයුතු කර ඇති අතර, පොලීසිය සිද්ධිය සිදුවූ ස්ථානයට යනවිටත් අනෙක් තරුණයා ජීවිතක්ෂයට පත්ව සිට ඇත.
තමන් මියගිය තරුණයා සමග කාලයක සිට ආදරයෙන් වෙලී සිටි බවත්, ඔහු තරුණියක සමග සබඳකමක් පවත්වන බව දැනගත් පසු එය ඉවසා ගැනීමට නොහැකිව ඔහුව ඝාතනය කළ බවත් වස පානය කළ තරුණයා පාපොච්චාරණය කර ඇතැයි පැවසේ. හබරණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.