සිය ෆේස්බුක් ගිණුම හරහා තරුණියන්ගේ ෆේස්බුක් ගිණුම්වලට පණිවුඩ යොමුකරමින් ඔවුන්ව අපයෝජනයටලක් කළ අයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඔස්ටේ්රලියාවේ අධ්‍යාපනය ලබන සියනිවාඩුව සඳහා ලංකාවට පැමිණ ඇති තරුණියකට මෙන්ම තවත් ශිෂ්‍යාවකට පණිවුඩ යොමුකරමින් පවසා ඇත්තේ ඔවුන්ගේ නිරුවත් පින්තූර තමා සන්තකයේ ඇති බවත්, ඒවා අන්තර්ජාලයට මුදා නොහැරීමට නම් තමා හමුවීමට පැමිණෙන ලෙසයි.
මෙම පැමිණිලි පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරනු ලැබූ විමර්ශනයකින් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු පානදුර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.එසේම ඔහු කොළඹ ප්‍රධාන බාලිකා විද්‍යාලවල ශිෂ්‍යාවන් ෆේස්බුක් හරහා සම්බන්ධ කර අපයෝජනයට ලක්කර ඇතැයිද එම දර්ශන සැකකරු ළඟ තිබූ දත්ත රදවනයකින් (Pen Drive) සොයා ගත් බවත්අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටී.
පියා විසින් මෙම සැකකරුට වයස අවුරුදු 17දී පමණ රුපියල් 50,000/- ක් වටිනා ජංගමදුරකථනයක්ද, පසුව පියා සතු ඉඩමක් විකුණා එයින් ලබාගත් මුදලින් කොටසක් වියදම් කර ලැප්ටොප් පරිගණයක්ද රැගෙන දී ඇති බවටද කරුණු හෙළි වී තිබේ.
සැකකරු එළැඹෙන 29 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.