දූෂණ චෝදනාවලින් නිදහස් වී සති දෙකක් ගත වීමටත් පෙර ජයලලිතා ජයරාම් තමිල්නාඩු මහ ඇමතිනිය ලෙස යළිත් වරක් දිවුරුම් දී තිබේ.
මීට පෙර අවස්ථා හතරකදී තමිල්නාඩු මහ ඇමතිනිය ලෙස කටයුතු කළ ජයලලිතා යළි මහ ඇමතිනිය ලෙස මැඩ්රාස් හිදී දිව්රුම් දෙන අවස්ථාවේදී ඇගේ ආධාරකරුවන් ජයඝෝෂා පැවැත්වූ බව කියැවෙයි.
දූෂණ චෝදනා මත පසුගිය වසරේදී ජයලලිතාට වසර හතරක සිර දඬුවම් නියම විය.
කෙසේ වෙතත්, අභියාචනාධිකරණය විසින් ජයලලිතා නිදොස් කොට නිදහස් කර ඇයට යළිත් වරක් දේශපාලනයට පැමිණීමට අවස්ථාව ලබාදෙන ලදී.
ඇය මැඩ්රාස් විශ්වවිද්‍යාලයේදී මහ ඇමති ධුරයේ දිවුරුම් දීම සිදුවූ අතර, ඇය මේ වනවිට දශක තුනක කාලයක් දේශපාලනයේ නිරත වෙයි.