තම දියණියන් තිදෙනාගේ මිතුරියක පාඩම් කරන්නැයි පවසා තම නිවසට කැඳවාගෙන විත් පිරිමින්ට විකිණීමේ ජාවාරමක් කරගෙන යන කාන්තාවක් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට දඹුල්ල පොලීසිය සමත් වී ඇත.
මීට වසරකට ඉහත සිට අතුරුදන් වී සිටි පාසල් සිසුවියක පිළිබඳව තොරතුරක් ලැබී ඇය බදුල්ල ප්රදේශයේ තරුණයෙකුට ලබාදී සිටියදී සොයාගැනීමෙන් පසු කළ ප්රශ්න කිරීම්වලදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.
දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතාගේ උපදෙස් පරිදි නොවිසඳුණු අපරාධ ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජේ. ඇලෝසියස් මහතා ප්රමුඛ පොලිස් කණ්ඩායමක් මෙම විමර්ශන සිදුකර තිබේ.