ඇමෙරිකානු ඩොලර් මිලියනයක ව්‍යාජ ඇමරිකානු ඩොලර් නෝට්ටුවක් රුපියල් දස ලක්ෂයකට අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයෝ දෙදෙනෙක් උතුරු මැද පළාත් විශේෂ ඒකකයේ නිලධාරීන් විසින් අද (19දා) අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ සූඩු වන්දුපුලව් සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි 34 හා 54 හැවිරිදි පුද්ගලයෝ වෙති. සැකකරුවන් සන්තකයේ ව්‍යාජ මුදල් නෝට්ටු ඇති බවට ලැබුණු තොරතුරක් මත උතුරු මැද පළාත් විශේෂ ඒකකයේ නිලධාරීන් ව්‍යාපාරිකයින් ලෙස වෙස් ගෙන එය මිලදී ගැනීමට ගිය අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා අදාළ ව්‍යාජ ඩොලර් නෝට්ටුව ඔවුන්ට ඉදිරිපත් කර තිබේ.