මේ වසර තුළදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක සෘජු විදේශ ආයෝජන බලාපොරොත්තුවන බව ආයේජන මණ්ඩලයේ සභාපති දුමේන්ද්‍ර රත්නායක මහතා පැවැසීය.
අද (21දා) පෙරවරුවේ පැවැති හමුවක්දී ඔහු මේ බව සඳහන් කළේය.
එසේම 2020 වසර වන විට සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් දක්වා වර්ධනය කිරීම තම අපේක්ෂාව බවත් ඒ මහතා පැවැසීය.
විශේෂයෙන්ම ආයෝජන මණ්ඩල සභාපතිවරයා ලෙස තමන්ට අවශ්‍යම වී ඇත්තේ සිය ආයතනය නීති හා රෙගුලාසි පනවන ආයතනයක් බවට පත්කිරීමට නොව පහසුකම් සපයන්නෙකු බවට පත්කිරීමට බව්ත ඔහු පැවැසීය.