යාපනය, කරෙයිනගර් මුහුදු තීරයේදී ඊයේ (30දා) රාත්රියේ නාවික හමුදා ඩෝරා වර්ගයේ යාත්රාවක ධීවර බොට්ටුවක් ගැටීමෙන් එක් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් අයෙකුට තුවාල සිදුව ඇතැයි කයිට්ස් පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, යාපනය, කරෙයිනගර් වෙඩිඅරසන් වීදියේ පදිංචිව සිටි කනපතිපිල්ලෙය ජෙගදීස්වරන් (අවු.46) නමැත්තෙකි.
මියගිය ධීවරයාගේ පුත්රයා අනතුරින් තුවාල ලබා තිබේ.
තුවාලකරු යාපනය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබන අතර, මරණකරුගේ මෘතදේහය යාපනය රෝහල් මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මසුන් ඇල්ලීම සඳහා ගොස් ඇති මෙම බෝට්ටුව ආරක්ෂක කටයුතුවල නිරත නාවික හමුදා ඩෝරා යාත්රාවක ගැටීමෙන් අනතුර සිදුව කයිට්ස් පොලීසිය සඳහන් කරයි.