ඩීසල් ලීටරයක් සඳහා වූ නිෂ්පාදන බද්ද රු.10.00කින් ඉහළ නැංවීමට රජය තීරණය කරයි.
අදාළ බදු සංශෝධනය අගෝස්තු මස 20 දා සිට ක්‍රියාත්මක ය. මෙතෙක් එම බද්ද පැවතියේ ඩීසල් ලීටරයක් සඳහා රු.3.00ක් ලෙස ය. ඒ අනුව නව නිෂ්පාදන බද්ද රුපියල් 13.00කි.
අදාළ බදු සංශෝධන හේතුවෙන්, වෙළෙඳ පොළේ ඩීසල් මිල ඉහළ යාමක් සිදු නොවන බවත්, ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ගණන් පහත බැස ඇති බැවින්, එහි වාසිය රජයට ලබාගැනීම මෙම බදු සංශෝධනය මඟින් අපේක්ෂා කෙරෙන බවත් මුදල් අමාත්‍යාංශය කියයි.