තිලකරන්ත ඩිල්ෂාන් ක්රිකට් පිටියෙන් සමුගැනීම පිළිබඳව බොහෝ දෙනෙකු අදහස් ප්රකාශ කරමින් සිටියි. ඒ අතරින් ඔහුගේ සමකාලිනයන් මෙන්ම හිටපු නායකයන් දෙදෙනෙකුද වෙන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ඩිල්ෂාන්ගේ සමුගැනීම පිළිබඳව ට්විටර් ගිණුම් හරහා ප්රකාශ සිදුකර තිබේ.
ඩිල්ෂාන් තරග දිනවන්නෙකු හා තරග වෙනස්කරන්නෙකු බව පවසන සංගා ඔහු දඹුල්ලේ ක්රීඩා කරන අවසන් තරගයේදී දඹුල්ල ක්රිකට් පිටිය ප්රේක්ෂකයන්ගෙන් පිරෙනු ඇති බවත් සංගා සඳහන් කරයි.
සිය සඟයා පිළිබඳව අදහස් දක්වන මහේල පවසන්නේ ශ්රී ලංකාවෙන් ක්රිකට් ක්රීඩාවට දායාද වූ සුපිරි ක්රීඩකයෙකු බවත් ඔහු හා ක්රීඩා කිරීමට ලැබීම සතුටක් බවත්ය.