පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වන ප්‍රධාන දොරටුව හරහා කාර් රථයකින් ගමන් කර එහි යොදා තිබූ ආරක්ෂක උපකරණ කිහිපයකට අලාභ හානි කළ බවට චෝදනා එල්ලවූ ටෙලි නාට්‍ය නිළියක් රුපියල් ලක්ෂයක මුදල් ඇප මත කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මුදාහැරී බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
රූගත කිරීමකට ගොස් එන අතරතුරදී මෙම අනතුර සිදුකර තිබෙන අතර එහිදි ටෙලි නාට්‍ය නිළිය අධික වේගයෙන් රිය පදවා ඇතැයි අනාවරණය වී ඇත.