උසස් පෙළ ශිෂ්‍යයන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා වෙන්කර තිබෙන මුදල් අධ්‍යාපනයේ සංවර්ධනය වෙනුවෙන් යොදවන ලෙසට ලංකා ගුරු සංගමය ඉල්ලා සිටියි.
අති බහුතර පාසල් ප්‍රමාණයක භෞතික සම්පත් හිඟයක් හා ගුරු හිඟයක් පවතින බවත්, ඒවා සම්පූර්ණ නොකර ටැබ් පරිගණක ලබාදීමට වර්තමාන ආණ්ඩුව සැලසුම් කර ඇති බවත් එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
මේ නිසා ටැබ් පරිගණක ලබාදීම නවතා දැමීම මේ මොහොතේ සිදුකළ හොඳ ක්‍රියාවක් ලෙස සැලකිය හැකි බවත්,අදාළ ටැබ් පරිගණක ලබාගැනීමට අයවැය තුළින් වෙන්කළ රුපියල් බිලියන පහක මුදල අධ්‍යාපනයේ සංවර්ධනය වෙනුවෙන් යෙදවිය යුතු බවත් ඔහු පවසා සිටියේය.
අදාළ රුපියල් බිලියන 05 උපයෝගී කරගෙන අධ්‍යාපනයේ සංවර්ධනය වෙනුවෙන් වැඩ කටයුතු කළහොත් එය සමස්ත ගුරු පරපුරටම ලැබෙන ප්‍රතිලාභයක් බවද ඒ මහතා සඳහන් කළේය.
මේ නිසා අදාළ මුදල වෙනත් ව්‍යාපෘතිවලට යෙදවීමට හෝ මහා භාණ්ඩාගාරයට ලබා නොගන්නා ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පවසා සිටියේය.