ජෝර්දාන ප්‍රහාරක යානයකට ISIS ප්‍රහාරයක් - නියමුවාත් අල්ලයි
ජෝර්දාන ප්‍රහාරක යානයක් බිම දමා එහි ගුවන් නියමුවා අත්අඩංගුවට ගත් බව ISIS ඉස්ලාමීය අන්තවාදීහු පවසති.
උතුරුදිග සිරියානු දේශසීමාවේදී මෙම F16 ගුවන් යානය බිම හෙළා ඇති අතර, එය ජෝර්දාන හමුදාව විසින්ද තහවුරු කර තිබේ.
රක්කා නගරය ආසන්නයේදී තාප සංවේදී මිසයිලයක් යොදා ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බව ජිහාඩ් අන්තවාදීහු පවසති.
එමෙන්ම, ඔවුන් තමන් අල්ලාගත් ගුවන් නියමුවාගේ ඡායාරූප මෙන්ම, ගුවන් යානයේ සුන්බුන් දැක්වෙන ඡායාරූපද ප්‍රසිද්ධියට පත්කොට තිබේ.
ගුවන් නියමුවා පියාසර ලුතිනන් මෝස් යූසෙෆ් අල්-කසාබේ වන අතර, පසුගිය සැප්තැම්බර් මාසයේ ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ හමුදා ප්‍රහාර ආරම්භ වීමෙන් පසු ඉස්ලාමීය රාජ්‍යය තුළ එම ප්‍රහාරක යානයක් බිම හෙලූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.
සිරියාවේ හඳුනාගත් ISIS ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන ආරබි රාජ්‍යයන් හතරෙන් එකක් ලෙස ජෝර්දානය සැලකෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

