බීජ ජනනයෙන් බැහැරව සිය වර්ගයා බෝ කිරීම සඳහා සංසර්ගයේ යෙදී ඇති ප්‍රථම ජීවියා මීට වසර මිලියන 385කට පෙර විසූ 'මයික්රෝබ්රකියුස් ඩිකි' නමැති මත්ස්‍ය විශේෂයක් බව ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් සොයා ගෙන තිබේ.
‘එල්’ අකුරට (L) සමාන පිරිමි මත්ස්‍යයාගේ ලිංගික අවයවය ගැහැණු මත්ස්‍යයාගේ පසුපස පිහිටි අස්ථි කොටසක් සමග එක් වීමෙන් සංසර්ගය සිදු වී ඇති බව විද්‍යාඥයෝ පවසති.
නමුත් පසුව ලිංගික එක් වීමෙන් බැහැර වී ඇති මත්ස්‍යයන් සිය වර්ගයා බෝ කිරීම සඳහා බීජ ජනනය නැවත ආරම්භ කර ඇති බවද එම පර්යේෂණ කණ්ඩායම පවසයි.
ඉන් අනතුරුව මෝර සහ මඩු මත්ස්‍ය විශේෂයන්ගේ මුතුන්මිත්තන් නැවතත් බීජ දැමීමෙන් බැහැර වී සිය වර්ගයා බෝ කිරීම පිණිස ලිංගික සංසර්ගය දක්වා පැමිණීමට තවත් වසර මිලියන ගණනක් ගත වී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
'මයික්රෝබ්රකියුස් ඩිකි' නමැති මත්ස්‍යයා සෙන්ටි මීටර් 8ක පමණ දිගින් යුතු වූ බව පැවසෙයි.