ජිනීවා ගැන SLFP මතය කියන්න කමිටුවක්
- 19 09 2015
- 12:30
- {{hitsCtrl.values.hits}} views
- එප්පාවල- තිසර සමල්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳව පක්ෂයක් ලෙස කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබදව තීන්දු කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශේෂ කමිටුවක් පත් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.
ඊයේ (18දා) පස්වරුවේ කොළඹ පිහිටි ජනාධිපති නිළ නිවසේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යමකාරක සභාවේදී මෙම තීරණය ගත් බව දුමින්ද දිසානායක මහතා 'අද'ට පැවසීය.
"ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉදිරිපත් කළ වාර්ථාව පිළිබදව විද්වත් කමිටුවක් මගින් අධීක්ෂණයක් සිදු කර පක්ෂයට වාර්තා කරන්න කමිටුවක් පත් කර ගත්තා.ඒ අනුව ඉදිරි සතිය තුළ මෙම කමිටුව රැස්වී සතියක් දෙකක් ඇතුළත මේ සඳහා පක්ෂයේ මතය මොකක්ද කියන එක කියන්න සූදානම් වෙලා ඉන්නවා.
ඒ වගේම මේ රටේ ඒකීයභාවය ආරක්ෂා වන පරිදී මේ කටයුත්ත කරන්නත්, පසුගිය කාලයේ මේ රට නිදහස් කර ගන්න මහන්සි වූ කැප වුණ සියළු දෙනා ආරක්ෂා කරන්න කටයුතු කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යමකාරක සභාව තීන්දු කළා." යැයි ඔහු පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

