ජාතික ආණ්ඩුව පිළිබඳ ගිවිසුම නොසඟවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත්, අගමැතිවරයා එය සඟවා සිටින්නේ මන්දැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
ඊයේ(22දා) මාධ්‍යහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේබව කීවේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“අගමැතිතුමන් මෙහිදී ජාතික ආණ්ඩුව බිහිකළේ කාසමගද කියා ප්‍රකාශ කර නැහැ. තමන් ජාතික ආණ්ඩුවක් හැදුවේ කා සමගින්ද නොකියා එමෙන්ම ලිඛිත ගිවිසුමක්ද ඉදිරිපත්නොකර මේ ආණ්ඩුව දිගටම ගෙනයන්න ඉඩදීමට කථානායකවරයා තීරණය කළා. ඒතීරණය පාර්ලිමේන්තුවේ අනාගතයට කරපු නරක පූර්වාදර්ශයක්.
මොකද අගමැතිවරයෙකුට පාර්ලිමේන්තුවේ සරල බහුතරය තිබෙනවා. සරල බහුතරය නැතිනම් ඔහුට අගමැතිකම ලැබෙන්නේ නැහැ. එහෙමනම් මේ යෝජනාව සම්මතකරගන්න අවශ්‍යයි කියන්නේ සරලබහුතරයයි. මේ අනුව අනාගතයේ ඕනෑම අගමැතිවරයෙකුට කියන්න පුළුවන් මම ජාතික ආණ්ඩුවක් සාදා ඇත. මට ඇමතිමණ්ඩලය සියයක් කළ යුතුයි කියලා. එවිට 113 අත උස්සනවා. මොකද ඒගොල්ලන්ටත් ඇමතිධුර ලැබෙන නිසා. එවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කැබිනට් ඇමතිධුර සංඛ්‍යාව 30 දක්වාත් කැබිනට් නොවන ඇමතිධුර සංඛ්‍යාව 40 දක්වාත් සීමා කළ යුතුය යන වගන්තිය පුස්සක් වෙනවා. මේක හරියට ඉදිරිපස දොර යතුරු දා වහල පිටුපස දොර ඇරලා තියෙනවා වගේ වැඩක්. මේනිසා ජාතික ආණ්ඩුවක් හැදුවට මදි. මේ ජාතික ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් කවුද කියලා ලිඛිත සාක්ෂි පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ යුතුයි කියලයි අපි කියන්නේ* යැයි කීවේය.