ඉදිරි වසර තුනක කාලක් සඳහා ජල සම්පාදන සේවකයන්ට වැඩි වැටුප් ප්රතිශතයක් මෙතෙක් ලබා නොදීම නිසා හෙට (27දා) උදේ 8.00 සිට සඳුදා උදේ 8.00 දක්වා සියලුම නඩත්තු කටයුතු, කාර්යාල කටයුතු බිල්පත් නිකුත් කිරීමේ කටයුතුවලින් ඉවත්වන බව ජල සම්පාදන වෘත්තීය සමිති සඳහන් කරයි.
මෙම වෘත්තීය ක්රියාමාර්ග තුළ ජල සැපයුමට බාධා සිදුවූවහොත් එය යථා තත්ත්වයට පත් නොකරන බව එම වෘත්තීය සමිති එකතුවේ සම කැඳවුම්කරු උපාලි රත්නායක මහතා සඳහන් කළේය.