ජලසම්පාදන සේවකයන්ගේ ප්රසාද දීමනාව අඩු කිරීමට එරෙහිව ජල සම්පාදක සේවකයන් සිදුකරන වෘත්තීය ක්රියාමාර්ගයට අද (28දා) දහවල් 12.00 දක්වා විසඳුමක් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළ නිසා සවස 5.00 සිට සිදුකරන ක්රියාමාර්ග තවදුරටත් අඛණ්ඩව සිදුකරන බව ජල සම්පාදන වෘත්තීය සමිති සඳහන් කරයි.
මේ අනුව අද රාත්රියේ අතිකාල හා නඩත්තු සේවාවලින් ඉවත්ව සිටින බවත්, හෙට දිනය තුළත් විසඳුම් නොලැබුණහොත් තව තවත් වෘත්තීය ක්රියාමාර්ග ඇතුළත් කර අඛණ්ඩව වෘත්තීය ක්රියාමාර්ග දියත් කරන බවද එම සංගම්වල නියෝජිතයෝ පවසති.