දෙසැම්බර් පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජල ගාස්තුව වැඩි කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව ජල ගාස්තු 30%කින් වැඩි වෙනු ඇත. වසර තුනකට වරක් සමාන්‍යයෙන් ජල ගාස්තු වෙනස් කළත් වසර හතරකින් ජල ගාස්තුව වෙනස් කර නොමැති බවද වාර්තා වෙයි.
නව ක්‍රමවේදය යටතේ අවම ගාස්තුව රුපියල් 250ක් වෙනු ඇත. සමෘද්ධි ලාභීන් වෙනුවෙන් සහන මිලට ලබාදුන් ජල ලීටර් 15000 එම මිලටම ලබාදෙනු ඇත. පාසල්, පන්සල් , හා පුණ්‍ය භූමි සඳහාද අයකරන ගාස්තුවේද වෙනසක් නොවෙනු ඇත.