තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් වෙත දූෂණ චෝදනා යටතේ පැවරුණු නඩු විභාගයකදී ඇයට එරෙහි චෝදනාවලට වැරදිකාරිය වෙමින් වසර 4ක සිරදඬුවමකට යටත්වීමට ජයලලිතාට සිදුව තිබේ.
ඉන්දීය සිනමාවේ මෙන්ම දේශපාලනයේද තාරකාවක් ලෙස බැබලෙමින්, විශේෂයෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනිය ලෙස ශ්‍රී ලංකාව වෙතද දිගින් දිගටම චෝදනා එල්ල කළ මහ ඇමතිනියට මෙම වසර හතරක සිරදඬුවමට අමතරව, ඉන්දියානු රුපියල් කෝටි 100ක දඩයක් ද නියම කර තිබේ.
බැංගලෝර් නගරයේ විශේෂ අධිකරණයක් විසින් මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ.
හෙළි නොකරනලද ක්‍රියාමාර්ගවලින් අයතා ලෙස ඇ.ඩොලර් කෝටියක පමණ මුදල් සම්භාරයක් උපයා ගැනීම සම්බන්ධයෙන් ඇයට විරුද්ධව මෙම නඩු විභාගයේදී චෝදනා ගොනු වී තිබුණි.
ඒ අනුව, වසර 18ක කාලයක් මෙම නඩුව දිග්ගැස්සී තිබුනේද ඇයගේ අයුතු බලය පාවිච්චි කිරීම් නිසා බවද කියැවෙයි. කෙසේ වෙතත්, අද (27දා) එහි තීන්දුව ප්‍රකාශයට පත් වීමත් සමග ජයලලිතා සිහිසුන්ව ඇද වැටුණු බවත්, උසාවි භූමියේ සිටි ජයලලිතාගේ ආධාරකරුවන් හඬා වැළපෙමින් විලාප නගන්නට පටන් ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේ අනුව, ඉන්දීය තමිල්නාඩු මහ ඇමති ධුරයෙන් ඉවත් වීමට ඇයට සිදුවන අතර, වසර 10ක් යනතුරු දේශපාලනයට පැමිණිමද තහනම් වී තිබේ.
මෙම ඓතිහාසික නඩු තීන්දුවෙන් පසු තමිල්නාඩුවේ ජයලලිතාගේ ආධාරකරුවන් සහ ප්‍රතිවාදී දේශපාලන පක්ෂවල ආධාරකරුවන් අතර ගැටුම් ඇති වූ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.