රාජපක්ෂ රෙජිමය පළවාහැර පොදු අපේක්ෂකයාට රට භාරදීම තුළින් ජයග්‍රහණය කරන්නේ මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ හෝ පාඨලී චම්පික රණවක නොව රාජපක්ෂ පාලනයෙන් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින තමන් බව මහජනතාව තේරුම්ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අද (11දා) කිරුලපන ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගීවෙමින් මේ බව සඳහන් කළ රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීමට අවශ්‍ය කටයුතු කරන බවයි. එහිදී රාජ්‍ය සේවකයාගේ වැටුප් වැඩිවීම නිවැරදිව සකස් කර ගන්නා තෙක් පෙබරවාරි මාසයේ සිට රුපියල් 5000 ක අන්තර් දීමනාවක් ලබාදෙන බවද ඔහු පවසා සිටියේය.
තමාට කිසිවිටෙකත් මුදල් හම්බ කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත්, මුදල් හම්බ කිරීමට අවශ්‍ය නම් තමා දේශපාලනය නොකර ව්‍යාපාරයක් කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. එහෙත් ව්‍යාපාරයක් නොකර දේශපාලනය කරන්නේ ජනතාවගේ සාක්කු පිරවීමට බවද ඒ මහතා පවසා සිටියේය.
ඡයාරූප ඉසුරු පෙරේරා