ජපානයේ උතුරුදිග වෙරළාසන්නයෙන් රික්ටර් මාපාංක 6.8ක ප්‍රබල භූකම්පනයක් මීට සුළු මොහොතකට පෙර ඇතිවී තිබෙන බවත්, ඒ සමගම සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බවත් වාර්තා වෙයි.
එය මීට පෙර 2011 වසරේදී ප්‍රබල භූ කම්පනයක් සමග සුනාමි තත්ත්යක් ඇති වූ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාර ආශ්රිත සාගර පතුලේ සිදුවී ඇති බව පැවසෙයි.
ජපාන එන්.එච්.කේ රූපවාහිනිය පවසා සිටියේ භූකම්පනයෙන් පසු ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට යම් හානියක් සිදුව ඇතිද යන්න ගැන මේ වනවිට නිරීක්ෂණයන් සිදු කෙරෙන බවයි.
2011 දී සිදුවූ සුනාමි ඛේදවාචකයෙන් ජීවිත 19,000ක් අහිමි වූ අතර, ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ න්‍යෂ්ටික ප්රතික්රියාකාරකයන්ටද හානි ගෙන දෙමින් දැඩි පරිසර හානියක්ද සිදු කළේය.
මේ තත්ත්වය තුළ තවමත් න්‍යෂ්ටික විකිරණයන්ට බියෙන් තම ගම්බිම්වලට යා නොහැකිව 100,000කට අධික පිරිසක් සිටින බවද කියැවෙයි.