ජපානය හා ශ්‍රී ලංකා අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කරගැනීම සඳහා දෙපාර්ශ්වයේ අවධානය යොමුවී තිබේ.
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ නව ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරී කපිතාන් අත්සුහිරෝ මොරේ මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර පැවැති හමුවකදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.
අද (22දා) ආරක්ෂක අමාත්‍යාංශයේදී මෙම හමුව පැවැත්විණ. සාකච්ඡාවෙන් පසු නව ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරිවරයාට අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමරු තිළිණයක්ද ප්රදානය කළේය.