බල උමතුවෙන්, සාවද්‍ය මිත්‍යා වපුරමින්, සමාජය ත්‍රස්ත කරන විසකුරුබලවේග පරාජය කිරීම රටේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය බවත්, පක්ෂය ආරක්ෂාකිරීම සඳහා පළමුව රට හැදිය යුතු යැයිතමන් විශ්වාස කරන බවත්හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
‘පක්ෂ, පාට, ජාති, ආගම් භේද පසෙකලා,ගැටුම්කාරී දේශපාලනය වෙනුවට සෑම පාර්ශ්වයකම සහභාගීත්වය සහ එකඟත්වය ඇතිදේශපාලන සංස්කෘතියක් සඳහා,දිනාගත් නිදහස ආරක්ෂා කිරීමට හැකියාව මෙන්ම කැපවීම තිබෙන බලවේගය හාඑක්වන ලෙසද ඇයශ්රී ලංකා නිදහස් පක්ෂයේ සියලු පාක්ෂිකයන් වෙත නිවේදනයක් නිකුත් කරමින්ආයාචනා කරයි.
හිටපු ජනපතිනියගේ නිවේදනයේ මෙසේද සඳහන් වේ
‘‘අවංකව රටට ආදරය කරන, නිදහසට, ප්රජාතන්ත්රවාදයට ගරු කරන පුරවැසියන්, රාජපක්ෂ පාලනයේ දරුණු මර්දනයට, හිංසනයට, එරෙහිව අහිංසකව, නිරායුධව වුවත්, අතිශය වීරත්වයෙන් මුහුණදෙමින් රටේ අනාගතය වෙනුවෙන් නැගී සිට, තම ඡන්දබලයේ ශක්තියෙන් දුර්දාන්ත පාලනය පරාජයට පත් කරන්නට සමත් විය. කිසිකෙනෙකුට හිංසාවක් නොකර, ලේ බිඳක් නොසොල්වා එදා සිදුකළේ උතුම් දර්ශනයක්ජයග්රහණය කිරීමයි.
එබැවින් ජනවාරි 08 වෙනිදා සියලු භේද පසෙකලා නැගී සිට, අප්‍රමාණ කැපවීම්ඔස්සේ හිමිකරගත් ජයග්‍රහණය රටේ අනාගතය වෙනුවෙන් ආරක්ෂා කරගැනීම අපආදරණීය දේශයට සැබැවින්ම ආදරය කරන සියලු පුරවැසියන්ගේ පරම වගකීම වන්නේය.
අලුත් ආණ්ඩුවෙන් ඉටුවන වඩාත් වැදගත් කාර්යභාරය වන්නේප්රජාතන්ත්රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස මෙන්ම සියලු ජන කොටස්වලටආත්ම ගෞරවය ඇතිව සියලු අයිතිවාසිකම් ලබාගෙන ජීවත්විය හැකි රටක් යළිස්ථාපිත කිරීමයි. භීෂණය, සුදු වෑන් සංස්කෘතිය සහ දූෂිත පාලනය නැති කිරීමයි. ජීවන වියදම අඩු කිරීම හා පඩි වැඩිකිරීමට පියවර ගැනීමදප්රශස්තය. දූෂණය රාජ්‍ය පාලනයෙන් මුලිනුපුටා දැමීමේ ඉතා අසීරු කාර්යයසඳහා පියවර ආරම්භ කිරීමයි.
අපේක්ෂිත අන්දමින් ජනහිතකාමී වූද, යහපත් වූද ආණ්ඩුකරණයකට අවශ්‍ය මංපෙත්නිසි අන්දමින් විවර කරගනිමින් තිබියදී, පාර්ලිමේන්තුවේ සිටි රාජපක්ෂහිතවාදී මහජන නියෝජිතයන් කුමන්ත්‍රණකාරීව රජයේ යහපත් ක්‍රියාවන්ට බාධාකරන ලදී.
මාගේ නිගමනය වන්නේ පක්ෂය ආරක්ෂාකිරීම සඳහා පළමුව රට හැදිය යුතූ බවයි. එබැවින් ජනවාරි 08 වෙනිදා ලදජයග්රහණය ආරක්ෂා කිරීම අතිශයින් වැදගත්වේ. ජනවාරි 08 වෙනිදා මේ රටේ නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් කැපවුන සියලු ප්රගතිශීලී පුරවැසි සංවිධාන සහ දේශපාලන පක්ෂ සමග ඒකරාශී වෙමින්, ගැටුම්කාරී දේශපාලනය වෙනුවට සෑම පාර්ශ්වයකම සහභාගීත්වය සහ එකඟත්වය ඇතිදේශපාලන සංස්කෘතියක් සඳහා පක්ෂ, පාට, ජාති, ආගම් ආදී සියලු භේද පසෙකලා,දිනාගත් නිදහස ආරක්ෂා කිරීමට හැකියාව මෙන්ම කැපවීම තිබෙන බලවේගය හානායකත්වය සමග එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලූ පාක්ෂිකයින්ටසහෝදරත්වයෙන් මම ආයාචනය කරමි.
බල උමතුවෙන්, සාවද්‍ය මිත්‍යා වපුරමින්, සමාජය ත්‍රස්ත කරන විසකුරුබලවේග පරාජය කිරීම මේ රටේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය බව මම තරයේ විශ්වාස කරමි"