සිංහල හින්දු අලුත් අවුරුද්දට සමගාමීව පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල සංස්කෘතික විවිධත්වය සැමරීම සඳහා හෙට (26දා) අරලිය ගහ මන්දිරයේදී පැවැත්වෙන උත්සවයට සහභාගිවන ලෙස ජනාධිපතිවරයා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කර ඇති ආරාධනය එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබේ.
එය පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ටත් දැනුම් දී තිබෙන බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
"ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ වත්මන් රජය පොදුරාජ්‍ය මණ්ඩලය විසින් පිළිගත් සියලු ප්‍රතිපත්ති සහ වටිනාකම් අමු අමුවේ උල්ලංඝණය කරමින් කටයුතු කරනු ලබනවා. පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වය දරන රට විසින් තහවුරු කළ යුතු ප්‍රජාත්‍රාන්තික අයිතීන්ට සහ යහ පාලනයට දිගින් දිගටම පිටුපා ක්‍රියා කරන මෙම රජයට පොදුරාජ්‍ය මණ්ඩලය හා සබැඳි කිසිඳු උත්සවයක් පැවැත්වීමට කිසිම අයිතියක් නැති බව එක්සත් ජාතික පක්ෂෙය් විශ්වාසයයි. එම නිසා එක්සත් ජාතික පක්ෂය මෙම උළෙල වර්ජනය කරනු ඇති අතර එජාපයේ කිසිවෙකු මේ සඳහා සහභාගි නොවනු ඇත." යනුවෙන් එම නිවේදනයේ සඳහන් වෙයි.