එක්සත් ජාතික පක්ෂයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වුණු මාතලේ මහ නගර සභාවේ නාගරික මන්ත්රීවරයෙකු ඇතුළු දිස්ත්රික්කයේ ප්රාදේශීය සභා කිහිපයක මන්ත්රීවරුන් කිහිපදෙනෙකු යළි එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කර ඇත.
මාතලේ නාගරික මන්ත්රී රොෂාන් ද සිල්වා මහතා අද (15දා) පැවැසුවේ තමන් නුදුරේදීම එක්සත් ජාතික පක්ෂයට යළි එක්වන බවයි.
එසේම මාතලේ, දඹුල්ල, පල්ලේපොල, රත්තොට, නාඋල යන ප්රාදේශීය සභාවල එක්සත් ජාතික පක්ෂයේ සිට සන්ධානයට එක්වූ මන්ත්රීවරුන් පිරිසක්ද යළි එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
මාතලේ එම්.ඩබ්. සෝමරත්න