රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අද (08දා) ජනාධිපතිවරණයට නාමයෝජනා බාරදීම සිදුකළ අවස්ථාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළකිරීම සඳහා ගම්පහ සහ කොළඹ දිස්ත්රික්ක නියෝජනය කරන සමෘද්ධිලාභී පවුල්වල කාන්තාවන් හා කාන්තා සමිති නියෝජිතවරියන් පිරිසක් රාජගිරිය පාර්ලිමේන්තු පාර දෙපසට පැමිණ ජයඝෝෂා නැගූහ.
බස්නාහිර පළාත් මහ ඇමති ප්රසන්න රණතුංග, වැඩබලන ධීවර ඇමති සරත් කුමාර ගුණරත්න, මංජුල බුද්ධදාස, කාන්ති කොඩිකාර යන මහත්ම මහත්මීහුද එම ජනතාව සමග රැඳී සිටියහ. ලංගම සහ පෞද්ගලික බස්රථවලින් මේ පිරිස එම ස්ථානයට පැමිණ සිටියහ.
හෙරල් සේනාධීර / ඡායාරූප ඉසුරු පෙරේරා