ඉදිරි ජනපතිවරණයේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ජයගැනීමට අවස්ථාව නොලැබෙන බවත් ජනපතිගේ සැලුන් දොර අවුල් වී ඇති බවත් ඌව පළාත් සභා විපක්ෂ නායක හරින් ප්‍රනාන්දු මහතා පැවැසීය.
ගලිගමුවේ පැවැති රැස්වීමක් අමතමින් හෙතෙම මෙම අදහස් ඊයේ (22දා) ප්‍රකාශ කළේය.
"දැන් සෙනසුරු ඒ රාශ්ටකේ ලබලා තියෙන්නේ. ජනපතිගේ සැලුන් දොර අවුල් වෙලා. මම දැක්කා පසුගිය දවස්වල පෝස්ටරයක් තියෙනවා මහින්දට සිමාවක් නෑ කියලා. බලාගෙන ගියාම ඒකත් ඇත්ත. හොරකම් කිරීමට සීමාවක් නෑ. දූෂනයේ සීමාවක් නෑ. කොමිස් ගැසිල්ලේ සිමාවක් නෑ.
දැන් අහනවා ඇයි එජාපය මේ මැතිවරණයට අපෙක්ෂකයෙක් දාන්නේ නැත්තේ කියලා. මේක අපි දිනන්නම ඕන මැච් එක. ඊට පස්සේ ගේමක් නෑ. දැන් බලන්න ඇවිත් තියෙන කණ්ඩායම. හෙළ උරුමය ඉන්නවා. පාඨලි චම්පික මන්ත්‍රිතුමා ඉන්නවා. ෆොන්සේකා මහත්තයා ඉන්නවා. චන්ද්‍රිකා මහත්මිය ඉන්නවා. හකීම් මහත්තයත් ඉදිරියට එයි. ටී.එන්.ඒ. එක එනවා කියලා ඉඟිදිලා තියෙනවා. වතුකරයේත් සහාය ලැබෙනවා." යැයි හෙතෙම වැඩි දුරටත් පැවැසීය.
වරකාපොල රංගන රුවන්