නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ජනාධිපති බලතල අඩු කරනු ලැබුවත්, පළාත් පළාත් සභා පිළිබඳ ගන්නා තීන්දු තීරණවල බලතල ජනාධිපතිවරයාට ලබාදීමට යෝජනා කර තිබෙන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුව සඳහන් කරයි.
පළාත් සභා පිළිබඳව දැනට ක්‍රියාත්මක ව්‍යවස්ථාවේ නොමැති බලතල නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට යෝජනා ඉදිරිපත් වී තිබෙන බවද කමිටුවේ සාමාජික ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
යෝජනාවලට අනුව රටට අහිතකර කටයුත්තක් පළාත් සභා සිදුකළහොත් එහි බලතල පවරා ගැනීමට හෝ විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලතල හිමිවන බවද අද (01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.