(UPDATE) ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා බිම්ස්ටෙක් සමුළුව අතරතුරදී සාකච්ඡා කිරීමට තීරණය කර ඇත්තේ තමිල්නාඩු ද්‍රවිඩ ජනතාවගේ හැඟීම් නොසලකා හරිමින් බව තමිල්නාඩු හිටපු මහ ඇමති එම්. කරුණානිධි පවසයි.
එසේම ඉන්දීය මධ්‍යම රජය හා කොංග්රස් පක්ෂය මෙවැනි ආකාරයට මහින්ද රාජපක්ෂ ජනපතිවරයාත් සමග කටයුතු කරන්නේ ඇයිදැයි යන්න පිළිබඳව තමන්ට වැටහීමක් නොමැති බවද කරුණානිධි සඳහන් කරයි.
------------------------------------------------------------------------------------------------------
අඟහරුවාදා (04දා) මියන්මාරයේදී ආරම්භවීමට නියමිත ‘බිම්ස්ටෙක්’ සමුළුව සඳහා ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (03දා) මියන්මාරය බලා පිටත්ව යාමට නියමිතය.
ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාද හෙට (03දා) මියන්මාරය බලා පිටත්ව යාමට නියමිත අතර, මෙම සමුළුවට සමගාමීව ජනපති හා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතය.