ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැත්වීමට තිබූ සාකච්ඡා අසාර්ථක වී තිබෙන බැවින් ඛනිජ තෙල් සේවක වැඩවර්ජනය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කළ බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
වර්ජනය නවතා දමා සාකච්ඡාවලට පැමිණෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයෙන් යෝජනාවක් පැමිණි බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා සඳහන් කළේය.
එහෙත් වැඩවර්ජනය නවත්වා සාකච්ඡාවලට නොයන බවද හෙතෙම පවසා සිටියේය.
ඉන්ධන හල් තුළ ඉන්ධන අවසන්ව තිබුණ අයුරු - ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු