ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිවු දින නිල සංචාරයක් සඳහා හෙට (07) සවස එංගලන්තයේ ලන්ඩන් නුවර බලා යාමට නියමිතය. ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු දෙවන විදේශ සංචාරයට එක්වන ජනාධිපතිවරයා ප්රමුඛ ශ්‍රි ලංකා දූත පිරිස මහත් උත්සවත්ශ්‍රීයෙන් පිළිගැනිමට ලන්ඩන් ගුවන් තොටුපළේ අභිමානවත් උත්සවයක් බ්‍රිතාන්‍ය රජය සූදානම් කර තිබේ. බ්‍රිතාන්‍ය එළිසබෙත් මහ රැජනගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ සිවු දින නිල සංචාරයට එංගලන්තය බලා පිටත්ව යයි.