ජෝර්දානය, පලස්තීනය හා ඊශ්රයෙලය යන මැදපෙරදිග රටවල් තුනේ දින හයක සංචාරයක් සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන දිවයිනේන් පිටත් විය. ජනාධිපති මුලින්ම ජෝර්දානයේ සංචාරයක නිරත වන අතර එහදී ජෝර්දාන් රජු අබ්දුල්ලා අල් හුසෙන් සමඟ සාකච්ඡා කිරීමට ද නියමිතය.
ඉන් අනතුරුව දින දෙකක සංචාරයක් සඳහා පලස්තීනට යන ජනාධිපතිවරයා එහදී පලස්තීන ජනපති මොහොමඩ් අබ්බාස් සමඟ ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමතය. මෙහිදි බෙත්ලෙහෙමේ සංචාරයකද ජනාධිපතිවරයා නිරතවනු ඇත.
ඉන් අනතුරුව ජනපතිගේ දින දෙකක ඊශ්රායෙල් සංචාරය ආරම්භ වෙයි. එහිදි එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු හා ජනාධීපති ශිමොන් පෙරෙස් සමඟ සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.