විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කරන බවට මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ශ්‍රී දේහය ඉදිරියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිමෙස්න මහතා ප්‍රසිද්ධියේ දිවුරපු නිසා මේවතාවේ නම් ආණ්ඩුව ඒ කාරණය ඉටුකරයි කියා තමාට සිතුණු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මුල් අදියරේදී විධායක ක්‍රමය අහෝසි කිරීමත් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමත් සිදුකොට ඉන් අනතුරුව ඉතිරි වෙනස්කම් සිදුකළ යුතු බවත්,ආණ්ඩුව මුහුණ දෙන දහසකුත් එකක් ප්‍රශ්න යටගැසීමේ අරමුණෙන් විධායක ජනාධිපති ධුරය අහෝසකරනවාය, ව්‍යවස්ථාව වෙනස්කරනවාය කියා මහ සද්දයක් දමමින් සිටියද එය සාර්ථක දෙයක් නොවන බවත් කී රාජපක්ෂ මහතා ආණ්ඩුවේ බොරු අහලම මිනිස්සුන්ට තිත්ත වෙලා තියෙන්නෙ යැයි පවසා සිටියේය.
නාරාහේන්පිට අභයාරාමයේ පැවති සම්මන්ත්‍රණයකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒමහතා ,
"විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් පවත්වන්න වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය දැනටමත් ඒ ගැන මතයක් පළ කරලා ඉවරයි. අනෙක් අතට රටේ ඒකීයභාවයට හෝ බුදුදහමට තියෙන ප්රමුඛත්වයට කිසිදු වෙනසක් නොකරන බවට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී පොරොන්දු වෙලා තියෙනවා.
එනම් ජනමත විචාරණයක් නැතුව වෙනස් කරන්න බැරි ඒ සුවිශේෂී වගන්ති එකොළහ අතරින් ජනමත විචාරණයක් පවත්වන්න වෙන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න විතරයි. ඉතින් මේ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ක්‍රියාදාමය අදියර දෙකකට කැඩීමෙන් ජනමත විචාරණයක් අවශ්‍ය වන කාරණා මුලින්ම ගෙනල්ලා ඉතුරු ටික පස්සෙ සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් වෙනස් කරන්න පුලුවන්."යනුවෙන් පවසා සිටියේය.