ප්‍රභල එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මැලේසියානු පොලීසියේ ත්‍රස්ත විරෝධී ඒකකය සමත්ව තිබේ. මෙම සාමාජිකයන් සිවු දෙනා එකම අවස්ථාවකදී මැලේසියාවේ ක්ලාලම්පූර් හා මහාරාස්ත්ර ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙන බව මැලේසියානු මාධ්‍ය වාර්තා කරයි.
මොවුන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රභල ක්‍රියාකාරින් සිවු දෙනෙක් බවත් මැලේසියාවේ සිට ශ්‍රී ලංකාවේදී ප්‍රහාර සිදුකිරීමට සැලසුම් කරමින් සිටි බවත් මූලික විමර්ශන වලදී හෙළිවී තිබේ.
මෙම අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් අතර හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට කොළඹදී බෝම්බ ප්‍රහාර එල්ල කළ කොටි සාමාජිකයාද සිටින බව සඳහන් වෙයි. 1999 වසරේ දෙසම්බර් 18 වැනිදා එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් ජනපතිනිගේ දකුණු අසේ පෙනිමද නැතිවිය.