ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වැනි සැසිවාරය ඇමතීම සඳහා එළැඹෙන 16 දා ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බලා පිටත්ව යෑමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ සමුළුව 19 දා ආරම්භවන අතර ජනපතිවරයා එදිනම සමුළුව ඇමතීමට නියමිතය.
සමුළුවේ මෙවර තේමාව වන්නේ 'ජනතාව වෙත අවධානය තරසර ලෝකයක සාමය හා යහපත් ජීවිතයක් උදෙසා සටන' යන්නයි.
සමුළුවට එක්වෙන ජනපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් මහතා හා තවත් රාජ්ය නායකයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කිරීමට නියමිතය.
ජනපතිවරයා මෙවර සමුළුවට එක්වෙන්නේ තෙවැනි අවස්ථාවටය.
අජන්ත කුමාර අඟලකඩ