සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇති බව වාර්තාවෙයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා ඒකාබද්ධ විපක්ෂයට එක්වෙන බවට තොරතුරු වාර්තා වූ අතර ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වරක් ජපානයේදීද හමුවිය.
මේ අතර පසුගියදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුං මහත්මිය හා අරුන්දික ප්‍රනාන්දු මහතා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවූ බවට තොරතුරු වාර්තාවිය.