ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආර්ථික සභාව අද (20දා) ජනපති ලේකම් කාර්යාලයේදී රැස්විය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වූහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් එහි අග්‍රාමාත්‍ය ධුරය සඳහා නම් කරනු ලැබුවේ නිමල් සිරිපාල ද සිල්වා මහතාය.
මෙම අවස්ථාව අමාත්‍යවරුන් වන සරත් අමුණුගම, නිමල් සිරිපාල ද සිල්වා, මංගල සමරවීර, ජොන් සෙනෙවිරත්න, සජිත් ප්‍රේමදාස, රවුෆ් හකීම්, මලික් සමරවික්‍රම, ෆයිසර් මුස්තාෆා, නවීන් දිසානායක ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, ජාතික ආර්ථීක සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් පී. සමරකෝන්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර් ආර්.එච්.එස්. සමරතුංග, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්. රුවන්චන්ද්‍ර, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුද එක්ව සිටියහ.